ජාත්‍යන්තර ළමා පොත් ප්‍රදර්ශනය – සාහිත්‍ය සමුළුව සහ කලා උළෙල – 2021
2021 ජූනි 19 සිට 24 – කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයේදී
දිනපතා උදේ 10 සිට රාත්‍රි 7.00 දක්වා
දෙවැනි ළමා සහ යොවුන් සාහිත්‍ය සමුළුව සහ ජාත්‍යන්තර වැඩමුළුව
2021 ජූනි 18, 19, 20 ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේ දී
ළමා සහ යොවුන් සාහිත්‍ය සම්මාන උළෙල
2021 ජූනි 14 – ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේ දී
ජාත්‍යන්තර ළමා පොත් ප්‍රදර්ශනය – සාහිත්‍ය සමුළුව සහ කලා උළෙල – 2021
ශ්‍රී ලංකාවේ පොත් කියවීමේ සංස්කෘතියට නව මානයක් එක් කරමින්, ප්‍රථමවරට ජාත්‍යන්තර ළමා හා යොවුන් පොත් ප්‍රදර්ශනයක් පැවැත්වීමට කටයුතු සංවිධානය වෙමින් පවතී. මෙම පොත් ප්‍රදර්ශනයෙන්, සාහිත්‍ය සමුළුවෙන් සහ සංස්කෘතික උළෙලෙන් උත්සාහ කරනුයේ මෙරට තුළින් ගිලිහීයන ළමුන්ගේ පොත් කියවීමේ පුරුද්ද නැවතත් ස්ථාපිත කර ඉහළ නැංවීීමට දේශිය හා ජාත්‍යන්තර ළමා හා යොවුන් පොත් හඳුන්වා දීමයි.
මෙම ප්‍රදර්ශනයට සමාගමීව විවිධ වැඩමුළු, සම්මේලන, කතිකා, නාට්‍ය, නැටුම්, චිත්‍ර, සංගීත ආදි සංස්කෘතික වැඩසටහන් පැවැත්වීමට ද අපේක්ෂිතය. වැඩමුළුව සහ සම්මේලනය සඳහා ළමා හා යොවුන් සාහිත්‍ය නිර්මාණකරණයේ යෙදී සිටින, ලේඛකයින්, චිත්රශිල්පීන්, සංස්කාරකවරුන් සහ ඒ පිළිබඳ උනන්දුවක් දක්වන අය සහභාගී කරගැනීමට අපේක්ෂා කෙරේ. එමෙන්ම ජාත්‍යන්තර සංස්කෘතික කේන්ද්‍රවල සහයෝගයෙන් ළමුන් සඳහා විවිධ ක්‍රියාකාරකම් පැවැත්වීමට යෝජනාවී ඇත.
මෙම පොත් ප්‍රදර්ශනය බොලොඤ්ඤා, ෂැංහයි සහ සාජා වැනි ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනවල ප්‍රමිතීන්ට සමාන වන අතර, ප්‍රධාන පරමාර්ථය වනුයේ ළමයින්ට පිළිගැනීමක් දැනීම සහ ඔවුන් වඩාත් උනන්දුවක් දක්වන පාඨකයින් වීමට දිරිගැන්වීමයි.
මෙම පොත් ප්‍රදර්ශනය, සමුළුව සහ කලා උළෙල පහත දැක්වෙන
අංගවලින් සමන්විත වේ.
I. ජාත්‍යන්තර ළමා හා යොවුන් පොත් ප්‍රදර්ශනය
මෙම ප්‍රදර්ශනයේ මුලික අරමුණ වන්නේ වැඩ පොත්, ප්‍රශ්නෝත්තර වැනි දේවල්වලින් තොර රසවිදන්දනය හා කියවීමේ රුචිය වැඩි කිරිමට අදාලව දේශිය හා විදේශිය පොතපත පමණක් ප්‍රදර්ශනය සහ අලෙවි කිරීමයි. එසේම දරුවන්ට කැමති ලෙස පහසුවෙන් පොතපත තෝරා ගැනීමට සුදුසු වතාවරනයක්ද සැකසීමයි. එසේම මුලු ප්‍රදර්ශන ශාලව තුලම විවිධාකාරයේ විචිත්‍ර ඇඳුම් ඇදගත් නිරූපණ ශිල්පීන්ගෙන් හා දරුවන්ගේ විනෝදාස්වාදය උදෙසා කැපවුනු කතන්දර කියවන්නන්ගෙන් සමන්විතය. මෙය මෙතෙක් කල් පැවැතියාවූ සම්මත පොත් ප්‍රදර්ශන ආකෘතියෙන් ඔබ්බට යෑමට දරණ උත්සායක් ද වේ.
II. ළමා හා යොවුන් සාහිත්‍ය සමුළුව
2019 වසරේ ෂඊඊශ ශ්‍රි ලංකා මධ්‍යස්ථානය සංවිධානය කල ප්‍රථම සමුළුවේ වර්ධනීය දිගුවක් ලෙස ළමා හා යොවුන් සාහිත්‍ය පිළිබඳව ලේඛකයන්, නිර්මාණ ශිල්පීන්, සංස්කාරකවරුන් සහ ප්‍රකාශකයන්ගේ දැනුම, ජාතික සහ ජාත්‍යන්තර ප්‍රවීනයන් සමඟ සජීවී සහ අථත්‍ය ජාලගත මාධ්‍ය භාවිතයෙන් තෙදිනක් පුරා පැවැත්වෙයි. මෙම සමුළුව සඳහා පුර්ව අයදුම්පත් කැඳවීමකින් පිරිස් තෝරා ගනු ලබන අතර, සඳහා ජූනි 18, 19, සහ 20 යන දිනවලදී ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්වීමට කටයුතු සම්පාදනය කොට ඇත.
III. පොත් 100 ව්‍යාපෘතිය, ළමා හා යොවුන් සාහිත්‍ය සම්මාන උළෙල
මෙම සමුළුවේ එක් සුවිශේෂ අංගයක් වනුයේ පසුගිය වසර 10ක කාලය තුල ප්‍රකාශයට පත් කරන ලද තත්වයෙන් උසස් ළමා සහ යොවුන් පොත් 100 බැගින් තෝරා ඇගයීමට ලක් කිරීමත්, විශේෂ සම්මාන සහ මුදල් ත්‍යාග සද`ඟා (හොඳම ළමා පොත, හොඳම යොවුන් සාහිත්‍ය පොත, හොඳම චිත්රන) පොත් තුන බැගින් තෝරා ගැනීමත්, එම පොත් සියය ජාත්‍යන්තර ව ප්‍රවර්ධනය කිරීම උදෙසා ජාත්‍යන්තතර මට්ටමේ නාමාවලියක් සැකසීමටත් යෝජිත ය. මෙම කාර්ය නිවැරදි සහ පිළිගත් ප්‍රමිතීන්ට අනුව සිදු කිරීම සඳහා පහත දැක්වෙන ආයතන සහභාගීත්වය සහ දායකත්වය දක්වනු ඇත.
■ අධ්‍යාපන අමාත්‍යංශයේ ග්රන්ථ උපදේශන මණ්ඩලය සහ ජාතික ග්රන්ථ සංවර්ධන මණ්ඩලය
■ ජාතික පුස්තකාල සහ තොරතුරු තාක්ෂණ ආයතනය
■ කොළඹ මහජන පුස්තකාලය
■ රූම් ටු රීඩ් ආයතනය
.
IV. කලා උළෙල
පොත් ප්‍රදර්ශනයට සමගාමිව විවිධාකාරයේ කලා හා සංස්කෘතික කටයුතු රාශියක් සංවිධානය කිරීමට අපේක්ෂිතය. ඒවා අතර ප්රමුඛව,
■ ජාත්‍යන්තර සංස්කෘතික ආයතනවල දායකත්වයෙන් දවස මුලුල්ලේම එළිමහනේ පැවැත්වෙන විවිධ ළමා හා යොවුන් ක්‍රියාකාරකම්.
■ ජාත්‍යන්තර ළමා හා යොවුන් චිත්‍රපට උළෙලක්
■ නාට්‍ය ප්‍රදර්ශන
■ සංගීත ප්‍රසංග
■ චිත්‍ර ප්‍රදර්ශන හා ක්‍රියාකාරකම්.
■ ළමා, තරුණ සහ දෙමාපියන් සඳහා දේශන / සංවාද
■ ලේඛක සම්භාෂණ
■ ළමා හා යොවුන් පොත් රචිත ලේඛකයන්, චිත්‍ර ශිල්පීන්, සංස්කාරවරුන් සහ ප්‍රකාශක හමු.
පොත් ප්‍රදර්ශන අධ්යක්ෂ එම්. සෆීර්
පොත් ප්‍රකාශන කර්මාන්තය තුල වසර 22 ක කාලයක් කටයුතු කරන මම හැම වෙලාවේම හිතුවේ පොත් කර්මාන්තය ඇතුලේ නව මානයක් හොයන්නේ කොහොමද කියලයි. මම හැම විටම උත්සහ කලේ අප ප්‍රකාශයට පත් කරන කෘති සමාජයට යම් ප්රබෝධයක් හා දැනුවත් භාවයක් ඇති වෙන්න ඕනේ කියලයි. මෙයට වසර ගණනාවකට ඉහත පොත් කර්මාන්තය පිළිබඳව ජාත්‍යන්තර අත්දැකීම් ලබන කොට මට තේරුම් ගිය එක දෙයක් තමයි ගෝලිය වශයෙන් ඉතා දියුණු තැනක තියෙන පොත් කර්මාන්තය අප රට වැනි කුඩා රටක් තුල වර්ධනය කරනේනේ කෙසේද කියා. ඉතින් ඒ ඔස්සේ හිතනකොට මෙරට ළමා හා යොවුන් ප්‍රජාව අතර, පොත් කියවීම ප්‍රවර්ධනය කලහොත් එය හොද ප්‍රවේශයක් ලෙස මට සිතෙන්නට විය. ඒ අනුව මෙයට වසර දෙකකට පෙර පොත් ප්‍රකාශන කර්මාන්තයේ නියැලි සිටින 15 දෙනෙකු පමන
පිරිසක් එක්ව අනාගත පොත් කර්මාන්තය හා පාඨකයා වෙනුවෙන් කල හැකි මැදිහත්කරණයන් ගැන විවිධ සංවාද, කථිකා, සැලසුම්, දැනුවත් වීම් ආදිය සිදු කලා. එහිදි එක් ප්රමුඛ යෝජනාවක් වුයේ කියවීම ප්‍රවර්ධනය කිරිමකින් තොරව සාහිත්‍ය ප්රබෝධයක් ඇති කල නොහැකි බවයි. එයට විකල්පයක් ලෙස උත්සහයක් හැටියට පලමු වරට ළමා හා යොවුන් පොත් ප්‍රදර්ශනයක් ජාත්‍යන්තර මට්ටමින් කල යුතු යැයි යෝජනා සම්මත විය. දැන් එම යෝජනා වඩාත් පුලුල් වී, වර්ධනය වී, අති විශාල ජාතික කාර්යයක් ලෙස ගොඩ නැගෙන්නේය. ඉතින් අප මේ උත්සහා කරනුයේ ලේඛකයා, පාඨකයා සහ ප්‍රකාශකයා ශක්තිමත් කරමින් පොත් කියවිමේ අලුත් සංස්කෘතියක් ගොඩ නගන්නටය. සියලු දෙනාගේ ශක්තිය ධෛර්යය අපට ලැබෙනු ඇතැයි විශාල විශ්වාසක් තියෙනවා. ඒ මගින් අපට අලුතින් පොත් කියවීමේ සංස්කෘතියක් හදන්න පුලුවන් වේවි.
ශ්‍රී ලංකා IBBY ආයතනයේ සභාපති දිනේෂ් කුලතුංග..
තරුණයින් සඳහා වූ ජාත්‍යන්තර පොත් මණ්ඩලයේ (SLBBY) ) අරමුණ වන්නේ පොත් සහ ළමයින් එකට ළං කිරීමයි. ළමයින් සහ තරුණයන්ගේ අධ්‍යාපනයෙහි සහ ශික්ෂණයෙහි දී අවශ්‍ය කාර්යයක් වන්නේ ඔවුන් අතට කියවීම සඳහා පොත් ලැබීමට සැලැස්වීමයි. පිටස්තර ලෝකය ගැන වඩා පළල් අවබෝධයක් තරුණයින් වෙතට ගෙන ඒම මගින් ජාත්‍යන්තර අවබෝධය සහ හිතෛෂීභාවය වර්ධනය කිරීමේත් එමගින් සාමයේ මෙහෙවරට සේවය කිරීමේත් සමත්කමක් පොත්වලට ඇති බව අප තරයේම විශ්වාස කරමු..
ෂඊඊශ ජාතික ශාඛාව තම සංයුතිය මගින් තම නියෝජනය යුක්ති යුක්ත කළ යුතු ය. පරමාදර්ශී වශයෙන් ගත් කළ ළමා සාහිත්‍යයේ සෑම අංගයක් ම නියෝජනය කළ යුතු ය: ඒවා නම්, සාහිත්‍ය පොත් පිළිබඳව වගකීමක් ඇති රජයේ සහ රජයේ නොවන ආයතන, ප්‍රකාශකයින්, කතුවරයින්, චිත්රශිල්පීන්, පුස්තාකාලයාධිපතීන්, පොත් වෙළෙන්ඳන්, ගුරුවරුන්, පර්යේෂකයින් සහ පොත් ප්‍රවර්ධකයින් සහ පොත් ප්‍රවර්ධනයේ යෙදී සිටින්නා වූ රජයේ නිලධාරීන් ආදී වශයෙනි. සමහර රටවල ෂඊඊශ සංවිධානයේ ජාතික ශාඛාව ළමා පොත් ප්‍රවර්ධනය එම රට තුළ එකම නිල ප්‍රවර්ධකයා වෙයි. වෙනත් රටවල මෙම ශාඛා වෙනත් නොයෙකුත් සංවිධාන සමග ජාතික මට්ටමින් වැඩ කරයි. මෙම සාහිත්‍ය සමුළුව, ප්‍රදර්ශනය සහ සම්මාන ප්රදානෝත්සවය සඳහා සංවිධානාත්මක සහභාගීත්වය සහ මූලිකත්වය දැරීම එම අරමුණ සාක්ෂාත් කිරීමකි.
කියවීම මඟින් පුළුල් දැනුමක් හා විමර්ශන ඥාානයක් ලබා ගත් විට අධ්‍යාපන කාර්යයේ ද නියම ප්‍රතිළුල පහසුවෙන් ලැබිය හැකි බව ඇතැම් දෙමාපියන් තේරුැම් නොගෙන ඇති බැවින් පාඩම් පොත් කියවීමට පමණක් දරුවන්ට ඉඩ ලබා දෙන අතර කතන්දර පොත්, සිතුවම් සහිත ළමා කතා පොත්, යොවුන් නවකතා පොත් යනාදිය කියවීමට පෙළඹවීමක් සිදු නොකරති. එහෙත් එවැනි පොත පත කියවන ළමයා සමාජය, පරිසරය, සංස්කෘතිය, ජාතික උරුමයන් පිළිබඳ දැනුම වර්ධනය කරගෙන හර පද්ධතීන් උකහාගෙන සමාජයට අර්ථ සම්පන්න පුද්ගලයෙකු බවට පත් වේ. තවත් ලෙසකින් පවසනවානම් කියවීම මිනිසා සම්පූර්ණ කරයි. මෙම අදහස් සහ දැනුම සමාජයට නැවන නැවතත් මතක්කර දීම අප හැමගේත්, විශේෂයෙන් ජනමාධ්‍ය වලත් ජාතික වශයෙන් වැදගත් යුතුකමක් සහ වගකීමක් බව අප විශ්වාස කරන්නෙමු.